Monday, April 25, 2011

නිවාස


ජපානයේ පැරණි නිවාස සාදන ලද්දේ ලී කණු හා ලී වලිනි.වර්තමාන නිවාස බටහිර රටා අනුව වානේ කණු සමග දැවමය පොළොව සහිතව සාදනු ලැබේ.නාගරික ‍පෙ‍දෙස්වල පවුල් දැන් දැන් විශාල තට්ටු නිවාසවල ජීවත්වෙති.බටහිර නිවාස හා සසදන විට ජපන් නිවාස තුළ පාවහන් නොපැළදීමත් එක් කාමරයක් හෝ ජපන් පන්නයට පොළොවට තතමි කළාළ යොදා සැකසීමත් සිදුකෙරේ.නිවසට ඇතුළු වීමේදී ගෙන්කන් නමැති ස්ථානයේදී පිටත ඇදි පාවහන් ඉවත් කොට ගෙතුළ පාවිච්චි කරන පාවහන් පැළද ගනියි.මෙමගින් නිවසේ පිරිසිදු බව අපේක්ෂා කරයි.



පිදුරු වලින් නිමවු “තතමි” නම් වු කළාල අවුරුදු 600ක පමණ කාලයක සිට ජපන් ගෙවල්වල පාවිච්චි කෙරේ.තතමි එකක් සාමාන්‍යයෙන් මීටර1.91*0.95කි.කාමරයක විශාලත්වය මනින්නේ එහි සවි කරන තතමි ගණනිනි.මේ තතමි පොළොවට යෙදීමෙන් උෂ්ණ කාලයේදී සීතල හා ශීත කාලයේදී උණුසුම ලැබේ.

No comments:

Post a Comment