• ගිම්හාන කාලය
• සරත් කාලය
• ශීත කාලය
ජපානයෙන් හතරෙන් තුන් කොටසක් කදුකර පෙදෙස් වන අතර ,ඉතිරි පෙදෙස් තැනිතලා හා ගංගා මෝය වලින් සමන්විතය.ජපානය උතුරේ සිට දකුණ දක්වා කිලෝමීටර3000ක් දිගට දිවෙන දූපත් සමූහයකි.මේවායින් හොක්කයිදෝ,හොන්ෂු,ෂිකොකු හා කියුෂු මූලික වේ.ජපානය මුහුදින් වට වී තිබේ.
මේ රටේ පැහැදිලි ඍතු හතරක් තිබේ.ඒවා හරු,නත්සු,අකි හා ෆුයු වේ.ජපානයේ ඉතා මනරම් දර්ශනයන් නම් වසන්තයේ චෙරි මල් විකසිත වීම හා සරත් කාලයේ තද රතු,තැඹිලි හා කහ පැහැ ගැන්වෙන ගස්වල කොළය.ජපානයේ ඉහළ උතුර හා දකුණු පෙදෙස් වල කාළගුණය එකිනෙකට වෙනස් වේ.නිදසුනක් ලෙස එකම කාල වකවානුවේදි දකුණේ හිරු රැස් නෑමටත් උතුරේ හිම සෙල්ලම් කිරීමටත් හැකිය.ජපානය දැඩි සුළං සහිත වැසි,ගිනි කදු පිපිරීම්,භූමි චලන
ආදී ස්වභාවික ආපදාවන්ගෙන්
දැඩි පීඩනයට ලක්වේ.
No comments:
Post a Comment