Wednesday, May 4, 2011

භාෂාව

ජපන් භාෂාවේ අක්ෂර මාලා 03ක් ඇත.ඒවා නම්

• හිරගන

• කතකන

• කන්ජි


කන්ජි
ජපන් භාෂාවේ මූලාශ්‍රය චීන භාෂාවයි.හිරගන අක්ෂර කන්ජි හා සම්බන්ධ කිරීමෙන් සාමාන්‍ය ජපන් වචන ලියනු ලැබේ.‍වෙනත් භාෂා වලින් එන වචන ලිවීමට කතකන හෝඩිය භාවිතා කරයි.හිරගන හා කතකන හෝඩි වල අකුරු 46 බැගින් වේ. හිරගන හා කතකන භාවිතය පහසු වුවත් කන්ජි භාවිතය පහසු නොවේ. කන්ජි අක්ෂර වලට රූපාක්ෂර යැයි කියනු ලැබේ.

Sunday, May 1, 2011

අපනයන හා ආනයන භාණ්ඩ




භාණ්ඩ නිෂ්පාදනය ජපානෙයේ ඉමහත් ශක්තියකි.නමුත් එහි ස්වභාවික සම්පත් අල්පය.සාමාන්‍ය පිලිවෙත නම් මූලද්‍රවය ආනයනය කොට භාණ්ඩ නිපදවා දේශීය භාවිතයට ‍ගෙන විදේශීය භාවිතයට අපනයනය කිරීමයි.

අනාගත ආර්ථික ප්‍රවර්ධනය සදහා ඉතා දියුණු අංශයක් වශයෙන් රොබෝවරුන් නිෂ්පාදනය සදහන් කල හැක.ජපන් තාක්ෂණය ලොව මුල් තැනට තිබෙන නිසා මේ අංශයේ හොන්ඩා නිෂ්පාදනයක් වන අසිමෝ නම් රොබෝ මිනිසා දෙපයින් ඇවිදින භාෂාව කතා කරන රොබෝ කෙනෙකි.මෑත අනාගතයේදී විවිධ කාර්යය සදහා රොබෝ සහය ලබා ගත හැකි වන අතර විද්‍යා ප්‍රබන්ධ කතා වල මෙන් මිනිසා සමීපයේ ජීවත් වීමට පුඵවන.