Friday, April 29, 2011
ආහාර
ආහාර වේල යන්නට ජපන් වචනය ගොහන් වේ.මෙහි නියම අර්ථය බත් නමුත් සෑම ආහාරයකටම මෙම වචනය පාවිච්චි චේ.සාමාන්්‍යයෙන් ජපන් ආහාර වේලකට තැම්බූ සුදු බත් සමග මස් හෝ මාළු ද මීට අමතරව පිසින ලද එළවළු හා මිසො නම් සුප් වර්ගයක් හා අච්චාරු මෙන් සැකසු එළවළු අඩංගු වේ.බත් ඇළෙන සුළු නිසා චොප්ස්ටික්ස් නම් ලී කෝටු වලින් කෑමට පහසුය.
වර්තමාන ජපන් ජනයා යුරෝපය,උතුරු ඇමරිකාව හා ආසියාව වැනි ලොව පුරා රටවල කෑම වර්ග ආහාරයට ගනිති.බත් වලට අමතරව පාන්,නූඩ්ල්ස් හා පැස්ටා සමග විවිධ වර්ග වල මස් ,මාළු එළවළු සහ පලතුරු ආදිය ආහාර වේලට එක්වේ.සුෂි,තෙන්පුරා,සුකියකි වැනි ආහාර ජපානයේ පමණක් නොව පිටරට වලද ඉතා විශේෂිත වේ.
කෑමට පෙර ජපන් ජනයා “ඉතදකිමස්” යැයි කියනු ලැබේ. “මේ කෑම පිළිගන්නවා”යන අරුත ඇති මෙය කෑම වේල සකස් කිරීමට එක් වු සැමට ස්තූති කිරීමකි.කෑමෙන් පසුවත් ඉතා හොද කෑම වේලක් යන තේරුම ඇති “ගොචිසෝ සමාදෙෂිතා”කියා නැවත ස්තූති පුදති.
ඉකෙබනා කලාව
ජීවි මල් යොදාගෙන අලංකාර ලෙස ඉකෙබනා මල් සැකසුම් කරනු ලබයි.මෙය වැඩි කාලයක් යොදා ගෙන ඉතා සියුම්ව කරනු ලබයි.ජපන් පන්නයේ නිවාස වල තොකොනමා නම් ස්ථානයේ මෙම මල් සැකසුම් තබයි.ජපන් ජාතිකයන්ගේ ගැඹුරු මානසිකත්වය ම්න් ව්දහා දැක්වේ.
ජපන් රජ පවුල
ජපන් වැසියෝ රාජ්‍යත්වයේ සහ එකමුතුකමේ සංකේතය ලෙස ජපන් රජ පවුල සලකති.නමුත් අධිරාජ්‍යයාට රජයට අදාල බලතල නැත.දැනට ජපානයේ අධිරාජ්‍යයා වී සිටින අකිහිතො අධිරාජ්‍යයා 1989 දී125වන ජපන් අධිරාජ්‍යයා ලෙස රාජ්‍යයත්වයට පත් විය.රජ පවුල අනෙකුත් රාජ්‍යයන් හා සුහදතාවය වර්ධනය කර ගැනීමට මනා පිටුවහලකි.ජපන් ජනයා රජ පවුලට ඉමහත් ගෞරවයක් දක්වති.
Thursday, April 28, 2011
උත්සව
අළුත් අවුරුදු උදාව
මෙදින මධ්‍යම රැයෙහි රට පුරා ඝාණ්ඨාර නාද වේ.ජපානයේ බෞද්ධ විශ්වාසය අනුව මිනිසුන් වෙත ලෞකික ආශා 108ක් තිබේ.ඝාණ්ඨාරය 108 වරක් නාද කිරීමෙන් එම ආශා ඉවත් කල හැකි බව කියවේ.අළුත් අවුරුද්දේ දීර්ඝායුෂ හා මනා සෞඛ්‍යය උදෙසා මෙදින විශේෂ තිරිගු වලින් සෑදු නූඩ්ල්ස් අනුභව කරති.අවුරුද්දේ මුල්ම හිරු උදාව වන්දනා කිරිම,පන්සල් යාම,මිතුරන්ගේ සහ නෑදෑයන්ගේ නිවෙස් වලට යාම,නිවෙස ඉදිරිපිට උණ ගස් සැරසිලි කිරීම ආදිය මෙදින සිදු කෙරේ.
හිනමත්සුරි
ගැහැණු ළමයින්ගේ වර්ධනය හා සතුට උදෙසා පූජා පවත්වන උත්සවයකි.ගැහැණු ළමයින් සිටින නිවෙස් වල පැරණි රාජකීය ඇදුම් පැළදුම් වලින් සැරසු බෝනික්කන් සහිත අට්ටාලයක් සාදා පීච් මල් වලින් සරසති.බෝනික්කන්ට බත් හා වෙනත් ජපන් කෑම පිළිගැන්වීමද මෙදින සිරිතකි.
තනබතා
ජපන් විශ්වාස හා චීන ජනකතාවක එන විශ්වයේ තාරකා දෙකක් වටා ගෙතුණු උත්සවයකි.ජූලි7වන දින සමරන මේ උත්සවය දිනට වර්ණවත් කඩදාසි වල බලාපොරොත්තු ලියා උණ බම්බු වල ගැට ගසා හොදින් දර්ශනය වන තැනක එල්ලයි.
බොන් උත්සවය
ජූලි13 සිට15 දක්වා හෝ අගෝස්තුවේ මුතුන් මිත්තන්ගේ ආත්ම වෙනුවෙන් පැවැත්වෙන බෞද්ධ උත්සවයකි.තම මුතුන් මිත්තන් නැවත ගෙදර එන බව විශ්වාස කරමින් ඔවුන්ට මග පෙන්වීමට දොරටු අසල පහන් දල්වයි.කෑම බීම ආදියෙන් පුද පූජා කොට ඥාතීන්ට පින් පමුණුවයි.
මෙදින මධ්‍යම රැයෙහි රට පුරා
හිනමත්සුරි
ගැහැණු ළමයින්ගේ වර්ධනය හා සතුට උදෙසා පූජා පවත්වන උත්සවයකි.ගැහැණු ළමයින් සිටින නිවෙස් වල පැරණි රාජකීය ඇදුම් පැළදුම් වලින් සැරසු බෝනික්කන් සහිත අට්ටාලයක් සාදා පීච් මල් වලින් සරසති.බෝනික්කන්ට බත් හා වෙනත් ජපන් කෑම පිළිගැන්වීමද මෙදින සිරිතකි.
තනබතා
ජපන් විශ්වාස හා චීන ජනකතාවක එන විශ්වයේ තාරකා දෙකක් වටා ගෙතුණු උත්සවයකි.ජූලි7වන දින සමරන මේ උත්සවය දිනට වර්ණවත් කඩදාසි වල බලාපොරොත්තු ලියා උණ බම්බු වල ගැට ගසා හොදින් දර්ශනය වන තැනක එල්ලයි.
ජූලි13 සිට15 දක්වා හෝ අගෝස්තුවේ මුතුන් මිත්තන්ගේ ආත්ම වෙනුවෙන් පැවැත්වෙන බෞද්ධ උත්සවයකි.තම මුතුන් මිත්තන් නැවත ගෙදර එන බව විශ්වාස කරමින් ඔවුන්ට මග පෙන්වීමට දොරටු අසල පහන් දල්වයි.කෑම බීම ආදියෙන් පුද පූජා කොට ඥාතීන්ට පින් පමුණුවයි.
Wednesday, April 27, 2011
තේ සාද චාරිත්‍රය
ජපන් ජාතිකයන් තේ පානය කිරීම්දී විශේෂ සිරිත් අනුගමනය කරයි.චාම් සරල සුන්දරත්වය තුළින් මෙය ගොඩනැගෙයි.මේ සදහා විශේෂ උපකරණ භාවිතා වේ.ස්තූති පූර්වක හැගීමෙන් ඉතා සංයමයෙයන් යුතුව මෙය සිදු කරනු ලබයි.සුන්දරත්වයක් නොදකින දෙයක් තුළින් නිහඩ නිස්කලංක සුන්දරත්වයක් අත්විදීම මෙහිදී සිදු වේ.
ඇදුම්
ජපානයේ චිරාගත ඇදුම කිමෝනෝවයි.සාමාන්්‍යයෙන් සේද වලින් සාදන කිමෝනාවට විශාල අත් ඇති අතර උරහිස සිට දෙපතුල් දක්වා දික්වේ.ඉග වටා ඔබි නමැති පළල් පටියක් බදිනු ලැබේ.කිමෝනෝ දැන් අදින්නේ උත්සව අවස්ථා වලදී පමණි.
බටහිර ඇදුම් සමග සසදන විට කිමෝනෝවෙන් අත්පා ඉරියව් සීමා වන අතර ඇගලා ගැනීමටද කාලය ගත වේ.නමුත් උෂ්ණ කාලයේදී යුකාතා නම් වූ සැහැල්ලු පහසු කිමෝනෝවන් ළමුන් හා තරුණ අය උත්සව අවස්ථා වලදී අදිනු ලැබේ.එදිනෙදා ඇදුම් සදහා ළමුන් හා තරුණ අය ටී ෂර්ට්,කලිසම්,පෝලෝ කමිස වලට පහසුව නිසා වැඩි කැමැත්තක් දක්වයි.
Monday, April 25, 2011
නිවාස
ජපානයේ පැරණි නිවාස සාදන ලද්දේ ලී කණු හා ලී වලිනි.වර්තමාන නිවාස බටහිර රටා අනුව වානේ කණු සමග දැවමය පොළොව සහිතව සාදනු ලැබේ.නාගරික පෙදෙස්වල පවුල් දැන් දැන් විශාල තට්ටු නිවාසවල ජීවත්වෙති.බටහිර නිවාස හා සසදන විට ජපන් නිවාස තුළ පාවහන් නොපැළදීමත් එක් කාමරයක් හෝ ජපන් පන්නයට පොළොවට තතමි කළාළ යොදා සැකසීමත් සිදුකෙරේ.නිවසට ඇතුළු වීමේදී ගෙන්කන් නමැති ස්ථානයේදී පිටත ඇදි පාවහන් ඉවත් කොට ගෙතුළ පාවිච්චි කරන පාවහන් පැළද ගනියි.මෙමගින් නිවසේ පිරිසිදු බව අපේක්ෂා කරයි.
පිදුරු වලින් නිමවු “තතමි” නම් වු කළාල අවුරුදු 600ක පමණ කාලයක සිට ජපන් ගෙවල්වල පාවිච්චි කෙරේ.තතමි එකක් සාමාන්‍යයෙන් මීටර1.91*0.95කි.කාමරයක විශාලත්වය මනින්නේ එහි සවි කරන තතමි ගණනිනි.මේ තතමි පොළොවට යෙදීමෙන් උෂ්ණ කාලයේදී සීතල හා ශීත කාලයේදී උණුසුම ලැබේ.
කෘෂිකර්මාන්තය
Thursday, April 21, 2011
ස්වභාවික ලක්ෂණ හා දේශගුණය
• ගිම්හාන කාලය
• සරත් කාලය
• ශීත කාලය
ජපානයෙන් හතරෙන් තුන් කොටසක් කදුකර පෙදෙස් වන අතර ,ඉතිරි පෙදෙස් තැනිතලා හා ගංගා මෝය වලින් සමන්විතය.ජපානය උතුරේ සිට දකුණ දක්වා කිලෝමීටර3000ක් දිගට දිවෙන දූපත් සමූහයකි.මේවායින් හොක්කයිදෝ,හොන්ෂු,ෂිකොකු හා කියුෂු මූලික වේ.ජපානය මුහුදින් වට වී තිබේ.
මේ රටේ පැහැදිලි ඍතු හතරක් තිබේ.ඒවා හරු,නත්සු,අකි හා ෆුයු වේ.ජපානයේ ඉතා මනරම් දර්ශනයන් නම් වසන්තයේ චෙරි මල් විකසිත වීම හා සරත් කාලයේ තද රතු,තැඹිලි හා කහ පැහැ ගැන්වෙන ගස්වල කොළය.ජපානයේ ඉහළ උතුර හා දකුණු පෙදෙස් වල කාළගුණය එකිනෙකට වෙනස් වේ.නිදසුනක් ලෙස එකම කාල වකවානුවේදි දකුණේ හිරු රැස් නෑමටත් උතුරේ හිම සෙල්ලම් කිරීමටත් හැකිය.ජපානය දැඩි සුළං සහිත වැසි,ගිනි කදු පිපිරීම්,භූමි චලන
ආදී ස්වභාවික ආපදාවන්ගෙන්
දැඩි පීඩනයට ලක්වේ.
පිභිටීම
පිහිටීම :නැගෙනහිර ආසියාව
භූමිය :වර්ග කිලෝමීටර 378,000
ජනගහනය :මිලියන128
නිල භාෂාව :ජපන් භාෂාව
අගනුවර :තෝකියෝ
මුදල් ඒකකය :යෙන් ¥
ජාතික ධජය හා ජාතික ගීය
ජපන් ජාතික ධජය හැදින්වෙන්නේ “හිනොමරු” යන නමිනි.මෙම ජාතික කොඩිය භාවිතයට පැමිණයේ 19 වන සියවසේ අග භාගයේදීය.සුදු පසුබිමක මැද ඇති රතු කවය හිරු සංකේතවත් කරයි.
ජපානයේ කිමිගයෝ නමින් හැදින්වෙන ජාතික ගීයේ මූලාශුය දසවන ශතවර්ෂයේ රචිත “වක”නම් පැදි වැලකි.එය අද තත්වයට පරිවර්තනය වූයේ 19 වන සියවසේ අගභාගයේදී සංගීතය මුසු කිරීමෙනි.ජපන් ජාතික ගීයේ පදවැල ජපානයේ දිගු කාලීන සාමය හා තිරසර සෞභාග්‍යය උදෙසා පැතුමකි.
Subscribe to:
Posts (Atom)