Friday, April 29, 2011

ආහාර



ආහාර වේල යන්නට ජපන් වචනය ගොහන් වේ.මෙහි නියම අර්ථය බත් නමුත් සෑම ආහාරයකටම මෙම වචනය පාවිච්චි චේ.සාමාන්්‍යයෙන් ජපන් ආහාර වේලකට තැම්බූ සුදු බත් සමග මස් හෝ මාළු ද මීට අමතරව පිසින ලද එළවළු හා මිසො නම් සුප් වර්ගයක් හා අච්චාරු මෙන් සැකසු එළවළු අඩංගු වේ.බත් ඇළෙන සුළු නිසා චොප්ස්ටික්ස් නම් ලී කෝටු වලින් කෑමට පහසුය.

වර්තමාන ජපන් ජනයා යුරෝපය,උතුරු ඇමරිකාව හා ආසියාව වැනි ලොව පුරා රටවල කෑම වර්ග ආහාරයට ගනිති.බත් වලට අමතරව පාන්,නූඩ්ල්ස් හා පැස්ටා සමග විවිධ වර්ග වල මස් ,මාළු එළවළු සහ පලතුරු ආදිය ආහාර වේලට එක්වේ.සුෂි,තෙන්පුරා,සුකියකි වැනි ආහාර ජපානයේ පමණක් නොව පිටරට වලද ඉතා විශේෂිත වේ.

කෑමට පෙර ජපන් ජනයා “ඉතදකිමස්” යැයි කියනු ලැබේ. “මේ කෑම පිළිගන්නවා”යන අරුත ඇති මෙය කෑම වේල සකස් කිරීමට එක් වු සැමට ස්තූති කිරීමකි.කෑමෙන් පසුවත් ඉතා හොද කෑම වේලක් යන තේරුම ඇති “ගොචිසෝ සමාදෙෂිතා”කියා නැවත ස්තූති පුදති.

No comments:

Post a Comment